සිරස්තල
පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට හිසක් තැබීමේ බිහිසුණු පාතාල සැලැස්මක් ව්‍යර්ථ වෙයි යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි බ්‍රිතාන්‍ය හිටපු තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේදී අත්අඩංගුවට ආසියාවේ හොඳම වෙරළ 10 අතරට ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට තේරී පත් වෙයි බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ අවදානමක රේගු නිලධාරීන්ගෙන් කළු පටි විරෝධයක් වසර දෙකක් සැඟව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයා ගුවන් තොටුපොළේදී කොටු වෙයි ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 3ක් වෙළෙඳපොළට පුත්තලමේ 75 හැවිරිදි රියදුරු ඝාතනය කර රථය පැහැරගත් 16 හැවිරිදි සැකකරු කොටු වෙයි ග්‍රෑන්ඩ්පාස්හිදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට හිසක් තැබීමේ බිහිසුණු පාතාල සැලැස්මක් ව්‍යර්ථ වෙයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට ඔත්තුව ලබාදුන් පුද්ගලයෙකු ඝාතනය කර, ඔහුගේ හිස අදාළ විමර්ශන මෙහෙයවූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමේ බිහිසුණු කොන්ත්‍රාත්තුවක්

මිතුරන් සමග බෙදාගන්න

මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට ඔත්තුව ලබාදුන් පුද්ගලයෙකු ඝාතනය කර, ඔහුගේ හිස අදාළ විමර්ශන මෙහෙයවූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමේ බිහිසුණු කොන්ත්‍රාත්තුවක් භාරගත් කුලී ඝාතකයෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අංගොඩ ප්‍රියන්ත’ නමැත්තා විසින් මෙම කුලී ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිදුවීමට පසුබිම් වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් 12 වනදා කිරින්ද මුහුදු වෙරළේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකි. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත ක්‍රියාත්මක වූ එම මෙහෙයුමේදී රුපියල් කෝටි ගණනක් වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

තම මත්ද්‍රව්‍ය තොගය අහිමි වීම සම්බන්ධයෙන් දැඩි වෛරයකින් පසු වූ අංගොඩ ප්‍රියන්ත, අදාළ ඔත්තුව ලබාදුන් පුද්ගලයා හඳුනාගෙන ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කර තිබේ.

අපරාධ කල්ලි සාමාජිකයින් තමන්ව සොයන බව දැනගත් ඔත්තුකරු ඒ වන විටත් සිය නිවස අතහැර පලා ගොස් තිබූ අතර, මේ අතරතුර බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම කුලී ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ඔත්තුකරු ඝාතනය කර ඔහුගේ හිස සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවස ඉදිරිපිට තබා පොලිසිය බිය ගැන්වීමට තිබූ සැලැස්ම පිළිබඳ සියලු තොරතුරු හෙළි වී තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්