සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවෙන් මැයි මාසයට අදාළව ලබාදෙන ආහාරපාන සහ නවාතැන් දීමනා බැංකුගත කිරීමේදී ලංකා බැංකුව (BOC) මඟින් සිදු වූ තාක්ෂණික අතපසුවීමක් හේතුවෙන් එම දීමනාවන් දෙවරක් බැර වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් කොට්ඨාසයේ සියලුම පොලිස් නිලධාරීන් වෙත සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ. එමඟින් දන්වා ඇත්තේ තමන්ට හිමි මාසික දීමනාව පමණක් ගිණුමෙන් ලබාගන්නා ලෙසත්, වැරදීමකින් බැර වී ඇති අතිරේක මුදල කිසිදු ලෙසකින් ගිණුමෙන් ඉවත් නොකර එහිම රඳවා තබන ලෙසත්ය.
එලෙස ගිණුම්වල ඉතිරි වන අතිරේක මුදල් ප්‍රමාණය ඉදිරියේදී ලංකා බැංකුව විසින් යළිත් ඔවුන්ගේ පද්ධතිය හරහාම අය කර ගැනීමට කටයුතු කරනු ඇති බව ද එම ලිඛිත නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.