සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම බදාදා දිනකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. කැබිනට්

මිතුරන් සමග බෙදාගන්න

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම බදාදා දිනකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය.

සතියේ මැද දිනයක් වන බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස තෝරා ගැනීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. සිකුරාදා දිනය නිවාඩු ලබා දී දීර්ඝ සති අන්තයක් ලබා දීමට මුලින් අදහස් කළ ද, එමගින් රාජ්‍ය පාලනයට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බාධා එල්ල විය හැකි බැවින් එම විකල්පය ඉවත් කළ බව ඔහු සඳහන් කළේය.

බදාදා දිනය නිවාඩු ලබා දීමෙන් රජයේ කාර්යාල පද්ධතිය සඳුදා-අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා-සිකුරාදා ලෙස කොටස් දෙකකට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ. මේ හරහා මහජන සේවාවන් සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම වළක්වා ගනිමින්, සේවා සැපයීම වඩාත් විධිමත් ලෙස කළමනාකරණය කළ හැකි බව රජයේ විශ්වාසයයි.

මැදපෙරදිග කලාපීය යුධමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන ආනයනයට එල්ල වී ඇති බාධා හමුවේ, පවතින සීමිත ඉන්ධන තොග අරපිරිමැස්මෙන් භාවිත කිරීම රජයේ මූලික අරමුණ වී ඇත. ඉදිරි කාලය තුළ ඇති විය හැකි ඕනෑම අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශයේ ඉන්ධන පාරිභෝජනය සීමා කිරීමට මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්