බලපත්‍ර නැති මදන මෝදක ගුලි ප්‍රවාහනය කළ පුද්ගලයෙක් තණමල්විල පොලිස් අත්අඩංගුවට

ගංජා අඩංගු බවට සැකකෙරෙන, රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් මදන මෝදක ගුලි තොගයක් බලපත්‍ර රහිතව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට

මිතුරන් සමග බෙදාගන්න

ගංජා අඩංගු බවට සැකකෙරෙන, රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් මදන මෝදක ගුලි තොගයක් බලපත්‍ර රහිතව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සෙවනගල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්