සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

බිත්තර නිෂ්පාදකයන්ට සියයට 18 ක වැට් බද්දක්

බිත්තර නිෂ්පාදකයන් මේ දිනවල බිත්තරයකින් රුපියල් 8 ක් පාඩු ලබමින් සිටියදී, සියයට 18 ක වැට් බද්ද රජයට ගෙවීමට සිදුවීම නිසා කුකුළු ගොවිපොළ වැසීයාමේ අවදානම් තත්ත්වයක්

මිතුරන් සමග බෙදාගන්න

බිත්තර නිෂ්පාදකයන් මේ දිනවල බිත්තරයකින් රුපියල් 8 ක් පාඩු ලබමින් සිටියදී, සියයට 18 ක වැට් බද්ද රජයට ගෙවීමට සිදුවීම නිසා කුකුළු ගොවිපොළ වැසීයාමේ අවදානම් තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවැසීය.

කුකුළු ගොවිපොළ හිමියන් ආරක්ෂා කිරීමට කටයුතු නොකළහොත් නැවත වරක් බිත්තරයක් රුපියල් 70 කට වඩා ඉහළ යාම වැළැක්වීමට නොහැකි වනු ඇතැයිද ඔහු පවසා සිටියේය. කෘෂිකාර්මික නිෂ්පාදනයන් වන සහල්, එළවළු, ධීවර කර්මාන්තයේ මත්ස්‍ය නිෂ්පාදනවලින් වැට් බද්දක් අය නොකෙරෙන නමුත්, කුකුළු කර්මාන්තයේ නිරත පිරිස රජයට බදු ගෙවන බවද ඔහු පැවැසීය.

බිත්තර සඳහා වැට් බද්ද අය කෙරෙන්නේ ඉකුත් වසරේ (2024) සිට බවත්, සුපිරි වෙළෙඳසල්වල අලෙවි කරන බිත්තරවලට වැට් බදු සහ ආර්ථික සේවා බද්ද ලෙස සියයට 2 ක් ඇතුළත් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.

බිත්තරයක් සුපිරි වෙළෙඳසලකින් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට සියයට 20 ක් වැඩිපුර ගෙවීමට සිදුවන බවද ඔහු පැවැසීය. නමුත් මෙතෙක් කාලයක් සිල්ලර වෙළෙඳපොළේ බිත්තර අලෙවි කිරීමේදී වැට් බද්ද ඊට ඇතුළත් නොවූ නමුත්, නිෂ්පාදකයා විසින් ආදායම් බදු රජයට ගෙවූ බවද ඔහු කීවේය.

මේ වනවිට බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 32 ක් බවත්, ගොවිපොළෙන් බිත්තරයක් නිකුත් කරනු ලබන්නේ රුපියල් 20 ත් 22 ත් අතර මුදලකට බවත්, මේ නිසා බිත්තරයකින් නිෂ්පාදකයා රුපියල් අටක පාඩුවක් ලබන බවත් සභාපතිවරයා කියා සිටියේය.

බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණද, බිත්තර ඉල්ලුම අඩුවීම හේතුවෙන් රට තුළ අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් පවතින බවද ඔහු පැවැසීය. බිත්තර නිෂ්පාදකයාගේ ආදායම අනුව වැට් බද්ද තීරණය කෙරෙන බවත්, ඒ අනුව බිත්තර නිෂ්පාදකයන් බදු ගොනු විවෘත කළයුතු බවත් සභාපතිවරයා කීවේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්