සිරස්තල
ආනයන බදු සාධාරණීකරණය කරමින් ට්‍රම්ප්ගෙන් පැය දෙකකට ආසන්න විශේෂ දේශනයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වෙයි බිරිඳ සහ අසල්වැසි කාන්තාව එක්ව පුද්ගලයෙකු පහරදී ඝාතනය කරයි සුපිරි 8 වටයේ ශ්‍රී ලංකා – නවසීලන්ත ගැටුම අද ආර්. ප්‍රේමදාස පිටියේදී 2026 වසරේ අපනයන ක්ෂේත්‍රයෙන් සුබදායී ආරම්භයක් විස්සයි-20 ලෝක කුසලාන අවසන් සටන් සඳහා ප්‍රවේශ පත්‍ර අද සිට හල්දුම්මුල්ල රක්ෂිතයේ මහා පරිමාණ ගංජා වැටලීමක් වසර දෙකක රියදුරු බලපත්‍ර පමාව අවසන් පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට හිසක් තැබීමේ බිහිසුණු පාතාල සැලැස්මක් ව්‍යර්ථ වෙයි යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි

බිරිඳ සහ අසල්වැසි කාන්තාව එක්ව පුද්ගලයෙකු පහරදී ඝාතනය කරයි

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසක සිදු වූ දරුණු ගැටුමකින් 32 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ උදෑසන කාලයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇති බවට හොරණ

මිතුරන් සමග බෙදාගන්න

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසක සිදු වූ දරුණු ගැටුමකින් 32 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ උදෑසන කාලයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇති බවට හොරණ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා සිය අසල නිවසකට ගොස් එහි දොර ජනෙල්වලට පහර දෙමින් ආරවුලක් ඇති කරගෙන ඇති බවයි. එම අවස්ථාවේදී අදාළ නිවසේ සිටි කාන්තාව මේ පිළිබඳව මරණකරුගේ බිරිඳට දැනුම් දී තිබේ. පසුව එහි පැමිණි බිරිඳ සහ අනෙක් කාන්තාව එක්ව ඉදලකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන මරණකරුගේ බිරිඳ සහ අනෙක් කාන්තාව මේ වන විට හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්