බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය නොසන්සුන්තාවය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බොරතෙල් බැරලයක මිල දැන් අමෙරිකානු

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය නොසන්සුන්තාවය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බොරතෙල් බැරලයක මිල දැන් අමෙරිකානු ඩොලර් 100 සීමාව ද පසුකර ඇත.

මෙහිදී බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 18%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් 108.68ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 20%ක පමණ අගයකින් වැඩි වී ඩොලර් 108ක් ලෙස සටහන්ව ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අවහිරතා සහ ප්‍රධාන තෙල් සැපයුම් මාර්ගවලට එල්ල වී ඇති තර්ජන මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය ඉදිරි දිනවලදී ගෝලීය ඉන්ධන මිල කෙරෙහි තවදුරටත් බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්