ජනප්රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් අද (අගෝස්තු 02) පස්වරුවේ දිවයිනට පැමිණියා.
දකුණු ආසියාවේ ප්රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීම සඳහායි රිතික් රෝෂන් මෙරටට පැමිණියේ. ඔහු සමඟ තවත් බොලිවුඩ් සහාය නළුවන් කිහිප දෙනෙකු ද මෙරටට පැමිණි බව ‘දසත නිවුස්’ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.
රිතික් රෝෂන් ඇතුළු පිරිස අද (අගෝස්තු 02) සවස 05.10ට ඉන්දියාවේ සිට VTNSG දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.