මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක පිටුපස ආවරණ තහඩුවක් ගලවා ඇතුළු වී, එහි තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගත් පුද්ගලයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ “මෝදර සුදා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 21 හැවිරිදි තරුණයෙකි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, මෝදර පොලිසියේ දූෂණ මර්ධන අංශය විසින් සැකකරුගේ නිවස වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, සුපිරි වෙළෙඳසැලෙන් සොරාගත් විදේශීය මත්පැන් බෝතල් කිහිපයක් විකුණා එම මුදලින් තමාට අවශ්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන මොහු කලක පටන් මෙවැනි සොරකම්වල නිරතව ඇති බවට පොලීසිය සැක කරයි.
සැකකරු මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ මොහු දින 07ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට මෝදර පොලීසිය කටයුතු කරමින් සිටී.