මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අද (සැප්තැම්බර් 17) දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනු ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවනු ලැබුවා. නමුත් දැන්, ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් බිලියන 8.6ක මුදලක් වෙන්කර ඇති අතර, එහි පළමු අදියර යටතේ කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසේ ඉදිකිරීම් ඇරඹෙනු ඇත.
කිලෝමීටර් 37ක් දුරකින් යුත් මෙම කොටසේ ඉදිකිරීම් 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම, රටේ ආර්ථික සංවර්ධනයට සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට වැදගත් පියවරක් වනු ඇති.