මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 08කට අයත් පාසල් 14ක් සඳහා නව විදුහල්පතිවරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී මහනුවර, දෙනුවර, තෙල්දෙණිය, කටුගස්තොට, වත්තේගම, කොත්මලේ, හැටන් සහ නුවරඑළිය යන අධ්‍යාපන කලාපවල පිහිටි 1C, 2 සහ 3 වර්ගයට අයත් පාසල් සඳහා මෙම නව විදුහල්පතිවරුන් පත් කරනු ලැබීය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.