සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි

මන්නාරම, වංගාලපාඩුව මුහුදු ප්‍රදේශයේදී අද (15) අලුයම සිදුවූ දරුණු නාවික අනතුරකින් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර

මිතුරන් සමග බෙදාගන්න

මන්නාරම, වංගාලපාඩුව මුහුදු ප්‍රදේශයේදී අද (15) අලුයම සිදුවූ දරුණු නාවික අනතුරකින් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවූ අවස්ථාවේදී යාත්‍රා දෙකටම දැඩි හානි සිදුව ඇති අතර, එක් ධීවරයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබුණි. පසුව ප්‍රදේශයේ සෙසු ධීවරයින් විසින් දියත් කළ දැඩි සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ මළසිරුර සොයාගෙන ඇත.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ තවත් ධීවරයෙකු කඩිනමින් මන්නාරම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අනතුරට හේතුව යාත්‍රා මෙහෙයවීමේදී සිදුවූ දෝෂයක් ද නැතහොත් අයහපත් මුහුදු තත්ත්වය ද යන්න පිළිබඳව කරුණු සොයා බලමින් පවතී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්