මහරගම වීදි සුනඛයින්ට වධ දුන් බැංකු විධායක නිලධාරිනියක් අත්අඩංගුවට

මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ වීදි සුනඛයින්ට පොලු මුගුරුවලින් පහර දෙමින් සහ යතුරුපැදියකින් යට කිරීමට තැත් කරමින් සත්ව හිංසාව සිදු කිරීමේ චෝදනාව මත කාන්තාවක ඊයේ (05)

මිතුරන් සමග බෙදාගන්න

මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ වීදි සුනඛයින්ට පොලු මුගුරුවලින් පහර දෙමින් සහ යතුරුපැදියකින් යට කිරීමට තැත් කරමින් සත්ව හිංසාව සිදු කිරීමේ චෝදනාව මත කාන්තාවක ඊයේ (05) මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය මහරගම පතිරගොඩ පාරේම පදිංචි, විශ්වවිද්‍යාල උපාධිධාරිනියක වන අතර ඇය රජයේ බැංකුවක විධායක ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස සේවය කරන්නියකි. පසුගිය වෙසක් පොහෝ දින රාත්‍රී සහ අලුයම් කාලයේදී ඇය මෙම සුනඛයින්ට හිංසා පමුණුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවල (CCTV) සටහන්ව තිබූ අතර, එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි ලෙස සංසරණය විය.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඇයව පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත. ඇප මත මුදාහළ මෙම කාන්තාව ලබන 10 වනදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්