සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්, රුපියල් 50,000ක් වටිනා ශල්‍ය උපකරණ රුපියල් 175,000.00කට රෝගීන්ට අලෙවි කිරීමට අමතරව, මියගිය රෝගීන්ට පවා මොළයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්, රුපියල් 50,000ක් වටිනා ශල්‍ය උපකරණ රුපියල් 175,000.00කට රෝගීන්ට අලෙවි කිරීමට අමතරව, මියගිය රෝගීන්ට පවා මොළයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ අද (ජූනි 24) හෙළි කළා.

තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ මුදලට රෝගීන්ට ලබාදීම අරමුණු කරගෙන මෙලෙස මියගිය රෝගීන්ට පවා ශල්‍යකර්ම සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, මොළය මියගොස් දින පහකට පසුවත් රෝගියාගේ හදවත යන්ත්‍රයක් මඟින් ක්‍රියාත්මක කර මොළයේ සැත්කම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.

ශල්‍යකර්ම සිදු කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වන රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ සිය පුද්ගලික ආයතනය මඟින් මිලදී ගැනීමට සලස්වමින්, රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් රෝගීන්ට සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න, ඇයගේ ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් සහ රෝහලේ කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික යන තිදෙනාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. මෙම සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකාර වෛද්‍යවරිය රාජ්‍ය චක්‍රලේඛ උල්ලංඝනය කරමින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව රෝහලට ශල්‍ය උපකරණ මිලදී නොගෙන, ශල්‍ය උපකරණ විකිණීම සඳහා ආයතනයක් පිහිටුවාගෙන එම ආයතනය මඟින් රෝගීන් 300කට පමණ ශල්‍ය උපකරණ මුදලට ලබා දී ඇති බවට මෙතෙක් කරුණු හෙළි වී ඇති බව අල්ලස් කොමිසම පැවසුවා. රෝගීන් අතරින් 77 දෙනෙකුට මෙම අලාභය සිදු කර ඇති බවත්, තවත් රෝගීන් 92ක් දුරකථන මඟින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

මෙම බරපතළ සිද්ධිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ ආචාර ධර්ම පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීම් මතු කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්