සිරස්තල
වැලිකඩ රැඳවියෙකුගේ මරණය: බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට නාවලපිටියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට: සිසුන් 13ක් රෝහලේ සුපිරි නළු විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් “ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා”: ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක් ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා

මෝදිගේ ලංකා ගමන නිසා වරින් වර වැසෙන මාර්ග

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ලබන 04 වැනිදා සිට වරින් වර කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය වසා දැමීමට සිදුවන බව පොලිසිය

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී   ලංකා සංචාරය නිමිත්තෙන් ලබන 04 වැනිදා සිට  වරින් වර කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය වසා දැමීමට සිදුවන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි  බුද්ධික මනතුංග මහතා පැවසුවේ මාර්ගය වසා තැබෙන අවස්ථාවල කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන මගීන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.

”නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව අප්‍රේල් 4 වන දින සවස හයත් රාත්‍රී දහයක් කාලය අතරතුර දී කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගයද වරින් වර වසා දැමීමට සිදුවනවා. එමෙන්ම මෙම කාල සීමාව තුළ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපල වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසා තැබෙන අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම් දීමක් සිද්ධ කරනවා.

අප්‍රේල් පස්වන දින ගාලු මුව දොර සහ නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම ආශ්‍රිත ප්‍රදේශයන්හි මාර්ග වරින් වර වසා දැමීමට සිදුවිය හැකියි. පොලිසිය ක්‍රියාත්මක කරන රථ වාහන සැලැස්මට සහාය දක්වන ලෙස සියලු රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්