කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව, කටාර් හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ඒ ආසන්න වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යවනු ඇති.
ඇමෙරිකානු කඳවුරට තර්ජනයක්
මේ අතර, කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට අනතුරු ඇඟවීම්
කටාර්හි සිටින ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර ඇති අතර, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවලම රැඳී සිටින ලෙසයි.