සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක්

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහතික වනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, ඉදිරි මාස

මිතුරන් සමග බෙදාගන්න

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහතික වනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, ඉදිරි මාස 2ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් දැනටමත් තහවුරු කර ඇති බවයි.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ” යනුවෙන් රාජකරුණා මහතා අවධාරණය කළා.

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු පැහැදිලි කළේ, “අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා බලන්න ඕනේ. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

CPC සතුව ඇති වාර්තා අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද කලාපයෙන් නොවන බවත්, එම තෙල් මැලේසියාව, සිංගප්පූරුව, සහ ඉන්දියාවේ සිකාවලින් ලැබෙන බවත් සභාපතිවරයා කියා සිටියා. “එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පූර්ණයෙන්ම එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැවුම් හැටියට අපිට ලැබෙන්නේ” ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම ප්‍රකාශය මගින් ඉන්ධන හිඟයක් පිළිබඳ මහජනතාව අතර පැතිරෙන අනවශ්‍ය බිය සමනය කිරීමට CPC අපේක්ෂා කරයි.


වෙනත් පුවත්

උණුසුම් පුවත්