සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (සැප්තැම්බර් 02) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මෙම වැඩවර්ජනය

මිතුරන් සමග බෙදාගන්න

රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (සැප්තැම්බර් 02) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මෙම වැඩවර්ජනය අද උදෑසන 8:00 සිට හෙට උදෑසන 8:00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර එකඟතාව පළ කර තිබුණද, බලධාරීන් එම එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවයි.

මෙම වර්ජනය හේතුවෙන් රෝහල තුළ දෛනික ප්‍රතිකාර සේවාවන් සියල්ල අඩාල වනු ඇති අතර, හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා පමණක් පවත්වාගෙන යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

මේ අතර, තමන්ගේ ගැටලු විසඳීම සඳහා බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කරන බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්