ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 3ක් වෙළෙඳපොළට

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැති ගෑස් හිඟයට පිළියම් යොදමින්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කර

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැති ගෑස් හිඟයට පිළියම් යොදමින්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි. මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් ඊයේ කොළඹ වරායට පැමිණීමත් සමඟ මෙම සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කර තිබේ.

අද දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව පාරිභෝගිකයින් පත්ව සිටින පීඩාකාරී තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ පහව යනු ඇති බව සමාගම විශ්වාසය පළ කරයි. මීට අමතරව තවත් ගෑස් නෞකා දෙකක් ලබන 25 සහ 28 යන දිනවල මෙරටට ළඟා වීමට නියමිතව ඇති අතර, පෙබරවාරි මාසය අවසන් වීමට පෙර අවශ්‍ය තොග පවත්වා ගැනීමට නව ඇණවුම් ද සිදුකර ඇත.

ගෑස් ඉල්ලුම අනපේක්ෂිත ලෙස ඉහළ යාම හේතුවෙන් ලිට්රෝ සහ ලාෆ්ස් යන සමාගම් දෙකෙහිම සැපයුමට පසුගිය කාලයේ බාධා එල්ල විය. මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටි අතර, ගෑස් බෙදාහරින්නන් චෝදනා කළේ සමාගම් මගින් තමන්ට නිසි තොරතුරු ලබා නොදුන් බවයි. කෙසේ වෙතත්, එළඹෙන මාර්තු 12 වැනිදා සිට විශාල ගෑස් තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද මීට පෙර සඳහන් කර තිබුණි.

දැනට වරායට පැමිණ ඇති සහ පැමිණීමට නියමිත නෞකාවලින් ගෑස් ගොඩබෑමේ කටයුතු කාර්යක්ෂමව සිදු කෙරෙන බැවින්, අනියත බියක් ඇති කර නොගෙන අවශ්‍යතාවයට පමණක් ගෑස් මිලදී ගන්නා ලෙස සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්