සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

“ලොකු පැටී” දිවයිනට රැගෙන එයි

“සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ, විදේශගතව සිටි ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා කියන ‘ලොකු පැටී’ කියන පුද්ගලයාව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලංකාවට ගෙනැවිත්

මිතුරන් සමග බෙදාගන්න

“සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ, විදේශගතව සිටි ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා කියන ‘ලොකු පැටී’ කියන පුද්ගලයාව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලංකාවට ගෙනැවිත් තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගත්තේ බෙලරූස් රාජ්‍යයේදී වන අතර, අද උදෑසන ඔහුව මෙරටට රැගෙන ඒමට නිලධාරීන් කටයුතු කළා.

මෙම ‘ලොකු පැටී’ කියන පුද්ගලයා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් විදිහටයි සැලකෙන්නේ.

ඒ වගේම ඔහුට විරුද්ධව මීට කලිනුත් අධිකරණවල විවිධ නඩු විභාග වෙමින් පවතිනවා.

ඒ අතර 2016දී වැලිපැන්නේදී හෙරොයින් ළඟ තියාගෙන ජාවාරම් කිරීම, 2017දී පිළියන්දලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට සහ බරපතළ තුවාල සිදු කිරීමට උදව් කිරීම, 2017දී තවත් හෙරොයින් ජාවාරමක් සහ 2021දී වැලිපැන්නේදී ජීව අත්බෝම්බයක් සහ ගිනි අවියක් ළඟ තබාගැනීම වැනි චෝදනා සම්බන්ධ නඩු ඇතුළත්.

මීට අමතරව, මේ සැකකරු විදේශයේ ඉඳගෙනත් 2022දී අහුංගල්ලේ වෙඩි තැබීම් දෙකක්, 2022දී තවත් මිනීමැරුමක්, 2024දී අම්බලන්ගොඩදී වෙඩි තැබීමකට ආපු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සහ 2024දී අතුරුගිරියේ වෙඩි තබා දෙදෙනෙක් මරා හතර දෙනෙක්ට තුවාල කිරීම වැනි අපරාධ සම්බන්ද බවයි සදහන් වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්