ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්රථම වතාවට වාර්තාගත ලෙස ඉහළ යමින් ඇත.
රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3,950 සීමාව පසු කර ඇති අතර, එය මේ වන විට ඩොලර් 3,956.53ක් ලෙස සටහන් වේ.
ලෝක වෙළෙඳපොළේ මෙම මිල ඉහළ යෑමට සමගාමීව ශ්රී ලංකාවේ රන් මිලෙහි ද කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබේ.
අප කොළඹ, හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙන් කළ විමසීමකදී එහි ප්රකාශකයෙකු සඳහන් කළේ:
- කැරට් 24 රත්රං පවුමක මිල පසුගිය සතියේ පැවති රුපියල් 306,000 සිට රුපියල් 314,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
- එමෙන්ම, කැරට් 22 රත්රං පවුමක මිල ද රුපියල් 290,500 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ රන් මිල රුපියල් 8,000 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය, ලෝක වෙළෙඳපොළේ පවතින ආර්ථික අවිනිශ්චිතතාවයන් සහ ආයෝජන රටා වෙනස් වීම හේතුවෙන් සිදුව ඇති බව විශ්ලේෂකයෝ පවසති.