සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඝීග්‍රයෙන් ඉහළට

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බවයි.

රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇත.

කොළඹ රන් වෙළෙඳපොළ අද (11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළගොස් තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්