සිරස්තල
සමන් කොල්ලා’ගේ කුඩු බෙදූ 15ක සිසුවා හෙරොයින් සමඟ කොටු වෙයි ලෝක ශූර නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 5ක ඓතිහාසික ජයක් පොලිස් සේවාවන් ගැන අදහස් සහ පැමිණිලි සෘජුවම දැනුම් දීමට නව QR කේත පද්ධතියක් කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5ක් ඩෙංගු දැඩි අවදානමක ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය ප්‍රදේශ රැසකට හෙට (16) සිට පැය 19ක ජල කප්පාදුවක් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා

ලෝක ශූර නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 5ක ඓතිහාසික ජයක්

2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 5කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්

මිතුරන් සමග බෙදාගන්න

2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 5කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළේය. ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තේය.

නවසීලන්ත කාන්තා ඉනිම – ලකුණු 150/6 (පන්දුවාර 20)

  • පිතිකරණය: මෙලී කර් 45, සොෆී ඩිවයින් 45, මැඩි ග්‍රීන් 18

  • පන්දු යැවීම (ශ්‍රී ලංකාව): කවිෂ්කා දිල්හාරි 2/ (කඩුලු 2), මිහිරි අයෝධ්‍යා 1/, කව්‍යා කාවින්දි 1/, සුගන්ධිකා කුමාරි 1/, චමරි අතපත්තු 1/, නිමාෂා මේගපගේ 1/

ශ්‍රී ලංකා කාන්තා ඉනිම – ලකුණු 153/5 (පන්දුවාර 19.4)

  • පිතිකරණය: නිලක්ෂි ද සිල්වා නොදැවී 54*, චමරි අතපත්තු 27, කෞෂිනි නූත්යාංගනා නොදැවී 24*, විශ්මි ගුණරත්න 17

  • පන්දු යැවීම (නවසීලන්තය): බෲක් හලිඩේ 2/, ජෙස් කර් 2/

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලු කිහිපයක් බිඳ වැටුණ ද, මැදපෙළ සබඳතාව ශක්තිමත් කරමින් නිලක්ෂි ද සිල්වා නොදැවී අගනා ලකුණු 54ක් රැස් කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාව ඉටු කළාය. ඇයට අනගි සහයක් දුන් යොවුන් ක්‍රීඩිකා කෞෂිනි නූත්යාංගනා නොදැවී ලකුණු 24ක් ලබා ගනිමින් නිලක්ෂි සමඟ එක්ව පන්දු 2ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව අභිමානවත් ජයග්‍රහණයක් වෙත රැගෙන ගියාය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්