සිරස්තල
හල්දුම්මුල්ල රක්ෂිතයේ මහා පරිමාණ ගංජා වැටලීමක් වසර දෙකක රියදුරු බලපත්‍ර පමාව අවසන් පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට හිසක් තැබීමේ බිහිසුණු පාතාල සැලැස්මක් ව්‍යර්ථ වෙයි යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි බ්‍රිතාන්‍ය හිටපු තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේදී අත්අඩංගුවට ආසියාවේ හොඳම වෙරළ 10 අතරට ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට තේරී පත් වෙයි බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ අවදානමක රේගු නිලධාරීන්ගෙන් කළු පටි විරෝධයක් වසර දෙකක් සැඟව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයා ගුවන් තොටුපොළේදී කොටු වෙයි ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 3ක් වෙළෙඳපොළට

වසර දෙකක රියදුරු බලපත්‍ර පමාව අවසන්

වසර දෙකක පමණ කාලයක් තිස්සේ මුද්‍රණය කිරීමට නොහැකිව පොරොත්තු ලේඛනගතව තිබූ රියදුරු බලපත්‍ර 491,000ක ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය

මිතුරන් සමග බෙදාගන්න

වසර දෙකක පමණ කාලයක් තිස්සේ මුද්‍රණය කිරීමට නොහැකිව පොරොත්තු ලේඛනගතව තිබූ රියදුරු බලපත්‍ර 491,000ක ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි. බලපත්‍ර කාඩ්පත් හිඟය හේතුවෙන් දීර්ඝ කාලයක් තාවකාලික බලපත්‍ර භාවිත කළ පාරිභෝගිකයින්ට මෙය විශාල සහනයක් වනු ඇත.

මෙලෙස මුද්‍රණය කරන ලද බලපත්‍රවලින් ලක්ෂ 04කට අධික ප්‍රමාණයක් මේ වන විටත් අදාළ හිමිකරුවන් වෙත යැවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එම බලපත්‍ර ලියාපදිංචි තැපෑලෙන් පාරිභෝගිකයින්ගේ නිවෙස් වෙතම ලැබීමට නියමිතය.

පසුගිය කාලසීමාවේ පැවති ආර්ථික අර්බුදය හා කාඩ්පත් ආනයනය කිරීමේ ගැටලු හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය දැඩි ලෙස අඩාල වී තිබුණි. කෙසේ වෙතත්, නව මුද්‍රණ යන්ත්‍ර සහ කාඩ්පත් තොග ලැබීමත් සමඟ මෙම තදබදය කඩිනමින් අවසන් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්