සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

වසර 62කට පසු කාන්තාවන් එක්ව සිදුකළ ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරය

පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියේ අභ්‍යාවකාශ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි. ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගමට අයත්

මිතුරන් සමග බෙදාගන්න

පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියේ අභ්‍යාවකාශ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි.

ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගමට අයත් රොකට්ටුවක් මගින් අද (14) පෙ.ව. 8.30ට ඔවුන් අභ්‍යවකාශයට පිටත්ව ගියා. ඔවුන් පෘථිවි කර්මන් රේඛාව පසු කර නැවත පෘථිවියට පැමිණියා.

කර්මන් රේඛාව පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 100ක් ඉහළින් පිහිටා ඇති අතර එය අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙනවා. සාම්ප්‍රදායික ගුවන් යානාවලට ප්‍රචාලන පද්ධතියක් නොමැතිව එම ස්ථානයට පියාසර කරන්නට නොහැකි වේ.

මෙම අභ්‍යාවකාශ සංචාරයට කේටි පෙරීට අමතරව බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් හා චිත්‍රපට නිෂ්පාදකවරියක්ද එක්ව සිටියා.

වසර 62කට පසු, 1963දී වැලන්ටිනා ටෙරෙෂ්කෝවාගේ අභ්‍යාවකාශ ගමනෙන් පසුව, කාන්තා කණ්ඩායමක් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව මෙයයි.

පොප් ගායිකා පෙරී සිය ඓතිහාසික ගමන නිමා කරමින් පැවසුවේ “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” කියායි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්