වාහන ගෙන්වීම සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

මුදල් අමාත්‍යාංශය වාහන ආනයනය සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පැවති සීමාවන් කිහිපයක් ඉවත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික

මිතුරන් සමග බෙදාගන්න

මුදල් අමාත්‍යාංශය වාහන ආනයනය සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පැවති සීමාවන් කිහිපයක් ඉවත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අප්‍රේල් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම නව ගැසට් නිවේදනය හේතුවෙන් වරායේ නිෂ්කාශනය කිරීමට නොහැකිව තිබූ ඇතැම් මෝටර් රථ නිදහස් කර ගැනීමට හැකි වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා පැවසුවේ, මාස එකහමාරක පමණ කාලයක සිට නිෂ්කාශනය කර ගැනීමට නොහැකිව තිබූ Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL වැනි රථ නව ගැසට් නිවේදනය නිසා දැන් නිදහස් කර ගත හැකි බවයි. එමෙන්ම මෙම තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහන ද නිෂ්කාශනය කිරීමේ අවස්ථාව හිමිව ඇත.

තවද, ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ද ඉවත් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්