සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

“වාහන පරීක්ෂාව ගෙනදෙයි ආරක්ෂාව” මාර්ග අනතුරු අවම කිරීමට නව වැඩසටහනක්

එක්සත් ජාතීන්ගේ මාර්ග සුරක්ෂිතතාවය සඳහා දශකයේ ක්‍රියාමාර්ගයට සමගාමීව, ලංකා ඔටෝමොබයිල් සංගමය (AA Ceylon) සහ ජාත්‍යන්තර ඔටෝමොබයිල් සංගමය (FIA) එක්ව දියත් කරන මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ මෙවර

මිතුරන් සමග බෙදාගන්න

එක්සත් ජාතීන්ගේ මාර්ග සුරක්ෂිතතාවය සඳහා දශකයේ ක්‍රියාමාර්ගයට සමගාමීව, ලංකා ඔටෝමොබයිල් සංගමය (AA Ceylon) සහ ජාත්‍යන්තර ඔටෝමොබයිල් සංගමය (FIA) එක්ව දියත් කරන මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ මෙවර තේමාව ලෙස “වාහන පරීක්ෂාව ගෙනදෙයි ආරක්ෂාව” තෝරාගෙන තිබෙනවා.

වාහන නිසි ලෙස පරීක්ෂා කිරීමෙන් සහ ධාවනයට සුදුසු වාහන පමණක් මාර්ගයට යෙදවීමෙන් ජීවිත ආරක්ෂාවත්, අනතුරු නිසා සිදුවන දේපළ හානිත් සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු නිසා ඇතිවන දේපළ හානි සහ පුද්ගල මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. රජය අනතුරුවලට පත්වන රෝගීන් සුවපත් කිරීමට සහ දේපළ හානි වෙනුවෙන් වසරකට රුපියල් බිලියන ගණනක් වියදම් කරන බව ගණන් බලා ඇත.

දියුණු රටවල සියලුම වාහන සෑම වසරකදීම අනිවාර්ය පරීක්ෂාවට ලක් කර සහතිකයක් ලබාගත යුතු අතර, එම සහතිකය නොමැතිව වාහනයක් මාර්ගයට ගැනීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම, කිසිදු රක්ෂණ සමාගමක් එම සහතිකය නොමැතිව වාහන හෝ පුද්ගල රක්ෂණ ලබා දෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ වාහන මිලියන 8කට වැඩි ප්‍රමාණයක්, එනම් වැඩිහිටි ජනගහනයෙන් 40%කට පමණ වාහනයක් හිමි බව වාහන ලියාපදිංචි දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. එනමුදු, බස්, ලොරි සහ බරවාහන පමණක් අනිවාර්ය පරීක්ෂාවට ලක්වන අතර එය මුළු වාහන ප්‍රමාණයෙන් 20%කට වඩා අඩු ප්‍රමාණයකි. මෝටර් සයිකල්, ත්‍රීරෝද රථ, කාර්, වෑන් ඇතුළු අනෙකුත් වාහන භාජනය වන්නේ දුම් පරීක්ෂාවකට පමණි. මෙය කිසිදු ආකාරයකින් මාර්ග අනතුරු අවම කිරීමට ප්‍රමාණවත් නොවන බව සංවිධායකයෝ පෙන්වා දෙති. අවම වශයෙන් වාහනයේ ඉදිරිපස ලාම්පු, පසුපස ලාම්පු, සංඥා ලාම්පු, වයිපර්, තිරිංග, ටයර් තත්ත්වය, ආසන පටි, වින්ඩ්ස්ක්‍රීන් වීදුරුව හරහා පැහැදිලි දර්ශනය වැනි උපාංග පරීක්ෂාවට ලක්වන්නේ නම්, මෙය මාර්ග අනතුරු වලක්වා ගැනීමට සුළු වශයෙන් හෝ ඉවහල් වනු ඇත.

ලංකා ඔටෝමොබයිල් සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, රජයේ අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල සිසුන්, වාහන පදවන්නන්, වාහන හිමිකරුවන් සහ සියලුම මහජනතාවගේ සහයෝගයෙන් හා සහභාගීත්වයෙන්, වාහන පරීක්ෂා කිරීමේ වැදගත්කම සහ අමතර මුදලක් වැය නොකොට වාහන පරීක්ෂා කර සහතිකයක් ලබා ගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දායකත්වය තුළින් මෙම අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීම මඟින් ජීවිත ආරක්ෂාවත්, දේපළ ආරක්ෂාවත් මෙන්ම අනතුරු නිසා සිදුවන මුදල් නාස්තියත් අවම කරගත හැකි බව සංවිධායකයෝ විශ්වාස කරති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්