සිරස්තල
වැලිකඩ රැඳවියෙකුගේ මරණය: බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට නාවලපිටියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට: සිසුන් 13ක් රෝහලේ සුපිරි නළු විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් “ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා”: ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක් ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා

වැලිකඩ රැඳවියෙකුගේ මරණය: බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේම සේවය කරන නියාමකවරුන් තිදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,

මිතුරන් සමග බෙදාගන්න

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේම සේවය කරන නියාමකවරුන් තිදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව තහවුරු කළේය.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත බන්ධනාගාරගත කර සිටි මෙම රැඳවියා, පසුගිය 03 වනදා බන්ධනාගාර පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී ඉන් පලාගොස් තිබුණි. කෙසේ වෙතත්, ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ලුහුබැඳ ගොස් යළිත් සිය භාරයට ගැනීමට සමත් වී ඇත.

නැවත බන්ධනාගාරය වෙත රැගෙන ආ රැඳවියා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ. මෙම මරණය සම්බන්ධයෙන් සැක පළ කරන මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ, ඔහු පලාගොස් සිටියදී අල්ලාගත් අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට අමානුෂික ලෙස පහර දී ඇති බවයි.

ඥාතීන්ගේ පැමිණිල්ල සහ මූලික විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත පදනම්ව, අදාළ පහරදීමට සම්බන්ධ බවට සැකකෙරෙන බන්ධනාගාර නියාමකවරුන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් මරණයට සැබෑ හේතුව තහවුරු වීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්