සිරස්තල
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි බ්‍රිතාන්‍ය හිටපු තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේදී අත්අඩංගුවට ආසියාවේ හොඳම වෙරළ 10 අතරට ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට තේරී පත් වෙයි බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ අවදානමක රේගු නිලධාරීන්ගෙන් කළු පටි විරෝධයක් වසර දෙකක් සැඟව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයා ගුවන් තොටුපොළේදී කොටු වෙයි ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 3ක් වෙළෙඳපොළට පුත්තලමේ 75 හැවිරිදි රියදුරු ඝාතනය කර රථය පැහැරගත් 16 හැවිරිදි සැකකරු කොටු වෙයි ග්‍රෑන්ඩ්පාස්හිදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු කොටු වෙයි වසර ගණනාවකට පසු නිව්යෝර්ක් නගරය හිමෙන් වැසෙයි

වසර දෙකක් සැඟව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයා ගුවන් තොටුපොළේදී කොටු වෙයි

2023 වසරේ දෙසැම්බර් 31 වනදා වැලිගම W15 හෝටලය අසලදී සිදුවූ ආන්දෝලනාත්මක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන

මිතුරන් සමග බෙදාගන්න

2023 වසරේ දෙසැම්බර් 31 වනදා වැලිගම W15 හෝටලය අසලදී සිදුවූ ආන්දෝලනාත්මක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබේ. විදේශගතව සැඟව සිටි සැකකරු ඊයේ (23) යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම වෙඩි තැබීමේ සිදුවීමෙන් පොලිස් නිලධාරියෙකුට සිය ජීවිතය අහිමි වූ අතර, එය එවකට රට තුළ දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් විය. විශේෂයෙන්ම මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ ආකාරය සහ ඒ පිටුපස ඇති විධායක තීරණ සම්බන්ධයෙන් එවකට සිටි පොලිස් ප්‍රධානීන් වෙත ද විවිධ පාර්ශ්වයන්ගෙන් බරපතළ චෝදනා එල්ල විය.

අත්අඩංගුවට ගත් හිටපු පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම සිදුවීමට අදාළ සැඟවුණු තොරතුරු රැසක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්