විලාසිතා ලොවට DILVO Men’s Evening Wear එකතුව එළිදක්වෙයි

ඊයේ, 26 වන දින DILVO නවක ඇඳුම් සන්නාමය විසින්, සිය ප්‍රථම exclusive evening wear collection එක කොළඹ 03, තර්ස්ටන් පාරේ පිහිටි Prenita Chic විලාසිතාගාරයේදී නිල

මිතුරන් සමග බෙදාගන්න

ඊයේ, 26 වන දින DILVO නවක ඇඳුම් සන්නාමය විසින්, සිය ප්‍රථම exclusive evening wear collection එක කොළඹ 03, තර්ස්ටන් පාරේ පිහිටි Prenita Chic විලාසිතාගාරයේදී නිල වශයෙන් එළිදක්වා ඇත.

Luxury For Modern Gentlemen තේමාව යටතේ එළිදැක්වූ මෙම නවතම එකතුව, නූතන පිරිමි ඇඳුම් විලාසිතා සඳහා නව මානයක් එක් කරමින්, උසස් තත්ත්වයේ නිර්මාණ සහ අලංකාරවත් රටා ඔස්සේ අසමසම සුඛෝපබෝගී අත්දැකීමක් ලබා දෙයි.

කෙටි කාලයක් තුළ සිය සිහිනය යථාර්ථයක් කර ගැනීමට ලැබීම පිළිබඳව DILVO සන්නාමය සිය සතුට පළ කළේය. මෙම සුවිශේෂී එළිදැක්වීමේ අවස්ථාව සඳහා විශාල පිරිසක් සහභාගී වී තිබීම විශේෂත්වයකි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, උත්සවයට පැමිණි විලාසිතා ලෝලීන්ගේ අසීමිත ආදරය හා සහයෝගය තමන් ලද ශක්තිය බවත්, ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාර හේතුවෙන් මෙම දියත් කිරීම සැබවින්ම අති විශේෂ වූ බවත් ය.

නවීන විලාසිතා ලෝලීන්ට ඔවුන්ගේ මීළඟ විශේෂ උත්සව අවස්ථා සඳහා අවශ්‍ය ග්ලැමරස් ඇඳුම් මෙම සුවිශේෂී එකතුවෙන් තෝරාගත හැකි අතර, එම එකතුව නරඹා ඔවුන්ගේ ආදරය පෙන්වන ලෙසට DILVO විසින් ආරාධනා කර සිටියි.

DILVO හි මෙම නව සන්ධ්‍යා ඇඳුම් එකතුව Prenita Chic විලාසිතාගාරයෙන් ලබාගත හැකිය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්