සිරස්තල
හෙට පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අතිරේක බද්දක් දිල්ලි නුවර හෝටල් ගින්නකින් විදේශිකයන් ඇතුළු 21 දෙනෙක් ජීවිතක්ෂයට ශ්‍රී ලංකා පිල අද පළමු එක්දින සටනට ‘සුවසැරිය’ ගිලන් රථ සේවකයින් අද රාත්‍රී 8 සිට සේවයෙන් ඉවට. ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ගුවන්තොටුපළට දැඩි හානි හිටපු ජනාධිපති ගෝඨාභය ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් කළුතර වෙඩිතැබීමේ වෙඩික්කරු මාලිගාවත්තෙන් කොටු වෙයි කොච්චිකඩේදී ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි හොරකම් කරන්න ගිය අයෙකු විදුලි සැර වැදී ඇදවැටී මියයයි ශ්‍රී ලංකා සිංහධෙනුවෝ විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් අද රාත්‍රියේ එංගලන්තයට

කළුතර වෙඩිතැබීමේ වෙඩික්කරු මාලිගාවත්තෙන් කොටු වෙයි

කළුතර, වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ බිහිසුණු සිදුවීමට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකාර වෙඩික්කරු (Shooter) අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය

මිතුරන් සමග බෙදාගන්න

කළුතර, වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ බිහිසුණු සිදුවීමට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකාර වෙඩික්කරු (Shooter) අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත. මාලිගාවත්ත ප්‍රදේශයේ රහසිගත නිවසක සැඟව සිටියදී මොහුව මෙලෙස වටලා තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 44 හැවිරිදි සම්පත් කුමාරතුංග නොහොත් ‘බෝංචියා’ නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකි.

ඉකුත් මැයි 28 වනදා උදෑසන මෝටර් රථයකින් පැමිණි මෙම වෙඩික්කරු, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් තිබුණි. අනතුරුව ක්‍රියාත්මක වූ කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාලිගාවත්ත ඇතුළු ඒ අවට ප්‍රදේශවල සවිකර තිබූ ආරක්ෂිත ආවේෂණ කැමරා (CCTV) දර්ශන දීර්ඝ ලෙස විශ්ලේෂණය කරමින් සැකකරු ගැවසෙන ස්ථාන හඳුනාගෙන තිබේ.

ඒ අනුව ලද නිශ්චිත බුද්ධි තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම්, මාලිගාවත්තේ පිහිටි නිවසක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් වාර්තාවලට අනුව, අත්අඩංගුවට ගත් ‘බෝංචියා’ නමැති මෙම සැකකරු මීට පෙර ද මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වල නිරත වීම සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් චෝදනා ලැබූ අයෙකි.

මෙම වෙඩිතැබීම ද සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාලයක පවතින පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් ද යන්න සෙවීම සඳහා සැකකරු අද (03) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී මෙම අපරාධ ජාලයේ සෙසු සාමාජිකයන් සහ මෙහෙයවන්නන් අනාවරණය කරගැනීම සඳහා සැකකරු වෙනුවෙන් දින කිහිපයක රැඳවුම් නියෝග (Detention Orders) ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පොලිසිය සූදානම් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්