සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

ශ්‍රී ලාංකික යෙවාන් ඩේවිඩ් Formula 3 තරගයට

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරට (Formula 3) සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ්

මිතුරන් සමග බෙදාගන්න

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරට (Formula 3) සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව තිබෙනවා.

යෙවාන් ඩේවිඩ් මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි. ඔහු 2024 වසරේදී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැදී තිබෙනවා.

F3 අදියරට උසස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, තම රටෙන් ශූරතාවලියට තරග වදින පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, මෙම අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.

2026 වාරය සඳහා AIX රේසිං සමඟ අත්සන් කිරීම හේතුවෙන් යෙවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදා වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, යෙවාන්ගේ අනාගතය සඳහා ninenews.lk අපගේ සුභ පැතුම්!

වෙනත් පුවත්

උණුසුම් පුවත්