සිරස්තල
අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්

සිරි දළදා වඳින බැතිමතුන් සඳහා සෞඛ්‍ය උපදෙස්

සිරි දළදා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් වන්දනා ගමනේදී ඇතිවිය

මිතුරන් සමග බෙදාගන්න

සිරි දළදා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් වන්දනා ගමනේදී ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බව එම කාර්යාංශය අවධාරණය කරයි.

බැතිමතුන් සඳහා සෞඛ්‍ය උපදෙස්:

  • විජලනය වළක්වා ගැනීම සඳහා නිතර ජලය පානය කරන්න.
  • නිවසේ සිට රැගෙන ආ ආහාර ඉක්මනින් පරිභෝජනය කරන්න. සැක සහිත ආහාර ගැනීමෙන් වළකින්න.
  • නිතිපතා ඖෂධ ගන්නා අය නියමිත වේලාවට ඒවා ලබාගන්න. ප්‍රමාණවත් ඖෂධ තොගයක් රැගෙන යන්න.
  • පවතින රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් හෝ සායන කාඩ්පතේ පිටපතක් ළඟ තබා ගන්න.
  • දරුවන් සමඟ පැමිණෙන අය ඔවුන්ගේ ඇඳුමේ හෝ සාක්කුවේ දුරකථන අංකය සඳහන් කරන්න.
  • පෝලිම්වලදී නොසන්සුන් නොවී ඉවසීමෙන් සිටින්න.
  • අවශ්‍ය දෑ පමණක් රැගෙන ගොස් කැළි කසළ අවම කිරීමට සහයෝගය දෙන්න. කසළ නිසි බඳුන්වලට දමන්න.
  • සෞඛ්‍ය ගැටලුවක් ඇති වූ විට පෝලිමේ සිටින නිලධාරීන්ගෙන් හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් වහාම සහාය ලබාගන්න.
  • දුම්රියේ ගමන් කරන විට පාපුවරුවල හෝ ජනෙල්වල එල්ලීමෙන් වළකින්න. බිම් ගෙවල් තුළින් ගමන් කිරීමේදී අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
  • වාහන පදවන විට නියමිත වේග සීමාවන් අනුගමනය කරමින් අවධානයෙන් රිය පදවන්න.
  • පුද්ගලික සනීපාරක්ෂාව සඳහා සබන් හෝ දියර සනීපකාරකයක් රැගෙන යන්න.
  • මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකර්ෂක භාවිතා කරන්න.

අද (22) සිරි දළදා වන්දනාවේ 5 වන දිනයයි. පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා බැතිමතුන්ට දළදා වන්දනා කිරීම සඳහා අවස්ථාව හිමිවේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්