හොරණ වැඩිහිටි නිවාසයක මහා ගින්නක්: 11ක් බිලිවෙයි, 7ක් රෝහලේ

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පෞද්ගලිකව පවත්වාගෙන ගිය “සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ” වැඩිහිටි නිවාසයක ඊයේ (03) රාත්‍රියේ හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව

මිතුරන් සමග බෙදාගන්න

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පෞද්ගලිකව පවත්වාගෙන ගිය “සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ” වැඩිහිටි නිවාසයක ඊයේ (03) රාත්‍රියේ හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ගින්නෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයන් 7 දෙනෙකු මේ වන විට හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයන් 72 දෙනෙකු රැඳී සිට ඇති අතර, ඉන් 51 දෙනෙකු කිසිදු හානියකින් තොරව නිරුපද්‍රිතව බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ සහන සේවා නිලධාරීන් සමත්ව ඇත. මානසික ආබාධ සහිත පුද්ගලයන් ද රැකබලා ගත් මෙම නිවාසයේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්