සිරස්තල

හෝමාගම හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩි තබා ඝාතනය කරයි

අද (අගෝස්තු 12) දහවල් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත මුදුන්කොටුව මහතාට මීගොඩ, ආටිගල මාවතේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී

මිතුරන් සමග බෙදාගන්න

අද (අගෝස්තු 12) දහවල් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත මුදුන්කොටුව මහතාට මීගොඩ, ආටිගල මාවතේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මිය යන විට 46 හැවිරිදි වියේ පසුවූ ඔහු, වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමට හේතුව හෝ ඒ සඳහා යොදාගත් ගිනි අවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. කෙසේ වෙතත්, මියගිය ශාන්ත මුදුන්කොටුව මහතා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මීගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්