කැලණිය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය අද දිනයේ සීමා කර ඇති බව පොලිසිය පවසයි.

ලබන 24 වීදි සංචාරය කිරීමට නියමිත දුරුතු මහා පෙරහැරට සමගාමී අද දේවදූත පෙරහැර වීථි සංචාරය කිරීමට නීයමිතයි.

දේවදූත පෙරහැර අද (21) සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා වීථි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන එම පෙරහැර පෑලියගොඩ මාර්ගයේ පිලපිටිය හන්දිය දක්වා වීදී සංචාරය කර ගෝනගම්පළ මාර්ගයෙන් වරාගොඩ මාර්ගයට පිවිසෙන බව පොලිසිය පැවසීය.

ඉන් අනතුරුව වරාගොඩ මාර්ගයෙන් ගමන් ගන්නා පෙරහැර ගල්බොරැල්ල, වළංකඩ හන්දියෙන් දකුණට හැරී විහාර මාවත ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ නවලෝක වාහල්කඩින් ගෙවදීමට නියමිතයි.

ඒ අනුව, මෙම කාලසීමාව තුළ අදාළ මාර්ගවල ගමන් කරන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම් දෙයි.

දුරුතු මහා පෙරහැර ලබන 24 වනදා රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 3.00 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි.

තවත් පුවත්