මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ හිමි නමකට වෙඩි ‌ප්‍රහාරයක්

මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා පලාගොස් ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ හිමි නම රෝහල් ගත කිරීමෙන් අනතුරුව අපවත් වූ බව පොලිසිය සඳහන් කරයි

මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් සිව්දෙනෙකු T-56 වැනි ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර පලාගොස් තිබේ.

මෙම වෙඩි තැබීම මෙය කුමන හේතුවක් මත සිදුවූයේද යන්න පිළිබදව පොලිසිය මේවන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.