හොරණ, බටගොඩ ප්රදේශයේ “සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ” වැඩිහිටි නිවාසයේ හටගත් මාරාන්තික ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හොරණ මහේස්ත්රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය විසින් මෙම ඇප නියෝගය ලබා දුන්නාය. ඒ අනුව, රුපියල් ලක්ෂයක (100,000) මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාර හිමිකරු මුදාහැරීමට නියම විය.
පුද්ගලයන් 11 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදු වූ මෙම ඛේදවාචකයට අදාළ නඩුව ලබන 25 වැනිදා නැවත කැඳවීමට අධිකරණය තීරණය කර ඇත.