Queens of Sri Lanka 2024 ඇරබීමට සියලු කටයුතු සූදානම්

2023 වර්ෂයේ අති උත්කර්ශවත් ලෙස පැවැත්වූ Queens of Sri Lanka නිරූපණ තරගාවලිය මෙවරත් අති උත්කර්ෂවත් ආකාරයෙන් ඇරබීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන Queens of Sri Lanka 2024 තරගාවලිය මෙවරද තරගාවලි 3ක් එකම වේදිකාවක පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවරද Miss World Noble Queen International, Mrs Earth Sri Lanka සහ Miss Teen Sri Lanka අංශ එකම වේදිකාවක පැවැත්වෙනු ලැබේ.

මෙහි ප්‍රථම තෝරාගැනීමේ වටය පෙබරවාරි මස 3 වන දින කොළබ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වේ.

මේ සදහා සහභාගී වීමට කැමති සියලු තරුණියන්ට, පහත link එක මගින් ලියාපදිංචි වීමට හැකිය.

https://forms.gle/pVgjK7kDEXqUwHP69

පසුගිය වසරේ පැවැත්වූ තරගාවලියේ Miss Teen Tourism Sri Lanka අංශයෙන් ජයගත් නෙළුණි සහ Mrs Earth Sri Lanka  අංශයෙන් ජයගත් සශ්මි දිසානයක විසින් පිළිවෙලින් Miss Teen Tourism Universe 2023 සහMrs Earth International 2023 කිරුළු දිනා ගැනීමට සමත් විය.

තවත් පුවත්