මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත අද සිට බලාත්මකයි.
ඒ එම පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කිරීමත් සමඟයි.
පසුගිය ජනවාරි මස 23 සහ 24 යන දින දෙකෙහි පාර්ලිමේන්තුවේ මෙම කෙටුම්පත විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 108 ක් සහ විපක්ෂව ඡන්ද 62 ක් හිමිවුණා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම, රට තුල සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීමට මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම ඇතුලු කරුණු රැසක් අන්තර්ගත වනවා.