සනත් නිශාන්ත මහතාගේ බිරිඳ දේශපාලනට?

කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් මියගිය රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරී ප්‍රියන්කා මහත්මිය සිය ඉදිරි සැලසුම් පිළිබඳව පළමු වරට ඉඟිකරනු ලැබුවේ එම අනතුරෙන්ම මිය ගිය රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්‍ෂක නිලධාරියාගේ බිරිඳ හමුවීමට පැමිණි අවස්ථාවේදී.

එහිදී ඇය සඳහන් කර සිටියේ රාජ්‍ය අමාත්‍යවරයාගේ හිස්තැන පිරවීමට වෙනත් විකල්පයක් නොමැති නම් හෝ ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ නම් දේශපාලනයට පිවිසීමට තමන්ගේ අකමැත්තක් නොමැති බවයි.

මේ අතර අද දිනයේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් පිළිබඳ තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්ථා වුණා.

අප මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

තවත් පුවත්