ටෙස්ට් තරගය අතරතුර චාමික හදිසියේම පිටියෙන් ඉවතට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග මේ වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අතරතුර පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික ගුණසේකර හදිසියේම පිටියෙන් ඉවත්ව තිබේ.

ඔහුගේ හෙල්මටයෙහි ඊට මොහොතක ට පෙර පන්දුවක් වැදුණි.

තරගයේ විස්තර විචාරකයන් පැවසුවේ ඒ හේතුවෙන් ඇතිවූ අපහසුතාවයක් නිසා චාමික පිටියෙන් ඉවත්වන්න තීරණය කරන්නට ඇති බවය.

මේ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරම්භ කර තිබේ.

පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සියලුදෙනා දැවී ලකුණූ 439ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව ඇෆ්ගන් පිල මේ වන විට ලකුණු 241ක් පසුපසින් සිටී.

තවත් පුවත්