Queens of Sri Lanka 2024 ආරම්භවේ

Queens of Sri Lanka 2024 ආරම්භවේ

2024 වසරේ Queens of Sri Lanka සමාරම්භක උළෙල සහ ප්‍රථම තෝරාගැනීමේ වටය පෙබරවාරි මස 3 වන දින කොළබ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබුවා. මෙවරද Miss World Noble Queen International, Mrs. Earth Sri Lanka සහ Miss Teen Sri Lanka අංශ තුනම එකම වේදිකාවක පැවැත්වීමට කටවුතු යොදා තිබුණා.

ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන Queens of Sri Lanka 2024 තරගාවලිය මෙවරද තරගාවලි 3ක් එකම වේදිකාවක පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර 2023 වර්ෂයේදීද
අති උත්කර්ශවත් ලෙස පැවත් වූ Queens of Sri Lanka නිරූපණ තරගාවලි ය සදහාද තරග ත්‍රිත්වයක් අන්තර්ගත වුණා. එමගින්ද ජාත්‍යන්තර තරග දෙකකින් Miss Teen Tourism Sri Lanka අංශයෙන් ජයගත්
නෙළුණි සෞන්දර්යා සහ Mrs. Earth Sri Lanka අංශයෙන් ජයගත් සශ්මි දිසානයක විසින් Sri Lanka වට ආඩම්බරයක් එකතු කිරීමට සමත් විය.

මෙවරද 2024 වසරේ Queens of Sri Lanka ප්‍රථම තෝරාගැනීමේ වටය සදහා විශාල තරග කරුවන් ප්‍රමාණයක් එකතු වී සිටි අතර
සමාරම්භක උළෙල සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලංකාවම ආදරය කරන 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා
නායකත්වය ලබා දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරජුන රණතුංග මහතා ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වී සිටියේය.

 

මෙවර ප්‍රථම තෝරාගැනීමේ වටය සදහා තේරුම් කමිටුව ලෙස සිටියේ Charith Gunasekara (National Director), Rukmal Senanayake (Official Choreography), Mayumi Srimalee, Sashmi Dissanayake, Neluni Saundarya, Bhageshwari Gunasekara, Dharshana Thavaraja යන අය වේ.

මේ සදහා සහභාගී නොවීමට හැකියාවක් නොලැබුන අය සදහා 11 වන සෙනසුරාදා උදැසන 10 Studio Next හිදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම කර ඇත.

එදින ගත් චායාරුප සියල්ල බලන්න

 

තවත් පුවත්