පැන්ඩෝරා යනු කාන්තාවකි. ග‍්‍රීක පුරාවෘතවලට අනුව ලොව පළමු කාන්තාවයි. දෙවිවරුන් විසින් ඔවුන්ගේ හොඳම තෑගි පිරිනැමුවේ මෙම කාන්තාවටය. සියුස් දෙවියා පන්ඩෝරාට පෙට්ටියක් තෑගි දී තිබිණි. මේ පෙට්ටියේ යමක් ඇති නමුත් කිසිවිටක විවර නොකළ යුතු බව පවසා තිබිණි. එහෙත් කුතුහලය ඉවසා ගත නොහැකිවූ ඇය දිනක මේ පෙට්ටිය විවර කළාය. මරණය, වෛරය, වසංගත රෝග, කරදර ඇතුළු සියලූ අයහපත පැතිරුනේ මෙයින් පසුව බව කියවේ. එහෙත් අප අද කතා කරන්නේ පැන්ඩෝරා පත‍්‍රිකා පිළිබ`දවය. එය සඟවා ඇති ධනය, බදු පැහැර හැරීම සහ සමහර අවස්ථාවලදී ලොව සමහර ධනවත් හා බලවත් අය විසින් මුදල් විශුද්ධිකරණය සිදුකළ ආකාරය හෙළි කරන ලිපි මිලියන 12 කට ආසන්න ප‍්‍රමාණයකි. මෙම මිලියන 12 කට ආසන්න ලේඛන හෙළිදරව්වෙන් ලෝක නායකයන්ගේ සහ බලවත් ව්‍යාපාරික නායකයන්ගේ සැඟවුණු ධනය හෙළිව තිබේ. මෙය සිදුකර ඇත්තේ වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින් එක්රැුස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. ඒ අනුව පසුගිය 03 වැනිදා පැන්ඩෝරා පත‍්‍රිකා හරහා ලෝක ඉතිහාසයේ පළමු වතාවට මහා පරිමාණයෙන් මූල්‍ය වංචා අනාවරණයක් සිදුකරන ලදී. පැන්ඩෝරා පත‍්‍රිකා අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප‍්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදුකිරීමට දායක වී ඇත.
ජෝර්දානයේ අබ්දුල්ලා රජු ඩොලර් මිලියන සියයක වත්කම් ස`ගවා ඇති ආකාරය මෙහිදී හෙළිකර ඇති අතර මේ ලැයිස්තුවේ ප‍්‍රමුඛයා ඔහුය. දෙවැනි අබ්දුල්ලා රජු, බි‍්‍රතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක් දේපළ රහසිගතව රැුස්කර තිබේ. හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලයාර් දේපල ස`දහා ගෙවිය යුතු බදු පැහැර හැරී අන්දමත් මෙහි ස`දහන් වේ. ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ චෙරී පවුම් මිලියන 6.45 ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්ථාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් තුන් ලක්ෂ දොළොස් දහසක මුද්දර ගාස්තු නොගෙවා ඇති බව පැන්ඩෝරා මගින් හෙළිකර තිබේ. ලොව බලවත්ම නායකයකු වන රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් ධනය ගැන මෙහි අනාවරණයක් සිදුකර ඇත. ජනපතිගේ පෙම්වතිය මොනාකෝ රායෙන් ඩොලර් මිලියන 04 වටිනා අගනා මන්දිරයක් මිලදී ගෙන ඇති අතර ඒ ස`දහා මුදල් වියදම් කර ඇත්තේ පුටින්ය. පැන්ඩෝරා පත‍්‍රිකා හරහා ලෝක නායකයන් 35 දෙනකු හා බිලියනපතියන් 100 දෙනකුගේ රහස් වත්කම් හෙළි කර ඇත. එහි ඉන්දියානුවන් 300 දෙනකුගේ නම් ඇතුළත්ය. එයට ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මෙන්ම නළු ජැකී ශේරෝෆ් ද ඇතුළත්වේ. මෙහි නම කියවෙන ලාංකිකයා හිටපු ඇමැතිනි නිරූපමා රාජපක්ෂය. නිරූපමා රාජපක්ෂ සහ තම සැමියා වන තිරුකුමාර් නඬේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඞ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත‍්‍රිකා අනාවරණය කර තිබේ. අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් එක්සත් රාජධානියෙන් ලබාගෙන ඇති දේපලවල වටිනාකම ඩොලර් මිලියන 400 කට අධික යැයි මෙම අනාවරණය පෙන්වා දෙයි. ජනාධිපති ඉලාම් අලියෙෆ් සිය 11 හැවිරිදි පුතුටද ලන්ඩනයෙන් ඩොලර් මිලියන 30 ක ගොඩනැ`ගිල්ලක් මිලදී ගෙන තිබේ. එසේම පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු, හමුදා ප‍්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් පිළිබඳ විස්තර සහ ඩොලර් මිලියන ගණනක මුදල් රැස් කිරීම් පිළිබඳ විස්තර ද ප‍්‍රසිද්ධියට පත් වී ඇත. ඇත්තෙන්ම පකිස්තානුවන් 700ක් සිය ධනය සගවා ඇති ආකාරය මෙහි කියයි. කෙසේ නමුත් දූෂණ විරෝධී ඉම්රාන් ඛාන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර ඔහු පවසා ඇත්තේ මේ අනාවරණය ගැන විශේෂ පරීක්ෂණයක් කරන බවයි. කෙන්යාවේ ජනපති උහුරු කෙන්යාටාගේ පවුලේ අය ධනය හම්බකර ඇති මෙහි මොනවට කියාපායි. ඉන්දියානු ප‍්‍රකට ව්‍යාපාරික අනිල් අම්බානිගේ වත්කම් ගැන මෙහි හෙළිදරව් කර ඇති අතර ඒවායේ වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවයි. ඉන්දියානු රජය මේවා ගැන පරීක්ෂණයක් පවත්වන බවට දැනටමත් පවසා තිබේ. ප‍්‍රකට ගායිකා ශකිරාගේ වත්කම් ගැන හෙළිදරව්වක් ද මෙහි අඩංගුය. යුක්රේන ජනපති වොලෝදොමිර් සෙලෙන්ස්කිගැන හෙළිදරව්වක් ද, චෙක් අගමැති අන්ද්රේස් බාබිස් හට ප‍්‍රංශයේ ඩොලර් මිලියන 22ක් වටිනා වත්කම් ඇති බවත් ද මෙහි ස`දහන් කර තිබේ.
2016 දී පැනමා පත‍්‍රිකා හෙළිදරව්ව සිදු විය. මේ නිසා අපවාදයට ලක්වූ අය අතර රාජ්‍ය නායකයන් 12 දෙනකු ද විය. ඔවුන් අයිස්ලන්තය, යුක්රේනය, පාකිස්තානය, සවුදි අරාබිය, රුසියාව, එංගලන්තය හා ආජන්ටිනාව යන රටවලට අයත් වීය. එම ලේඛන මඟින් හෙළිදරව් කර ඇති ටෙරාබයිට් 2.6 ක දත්ත එකතුව අතර සමාගම් 214,000 කට අයත් තොරතුරු ද තිබේ. වෝටර්ගේට් අපවාදය හේතුකොටගෙන අමෙරිකා ජනාධිපති රිචඞ් නික්සන්ට ගෙදර යෑමට සිදුවූ අයුරින්ම පැනමා පත‍්‍රිකා අපවාදය හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමට අයිස්ලන්තයේ රාජ්‍ය නායකයා වන සිග්මන්දූර් ඬේවිඞ් ගස්ලෝග්සන්ට සිදුවිය. එහෙත් පැන්ඩෝරා මේ සියල්ල පරයා යයි.