A Brand of Non Media Shout (Private) Limited

දකුණු කොරියාවේ සිට සෙලාන් බැංකුවෙන් මුදල් එවීම තවත් පහසු කරයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකම් සලසා දීම සඳහා STAREMIT සමග

මිතුරන් සමග ‌බෙදාගන්න

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකම් සලසා දීම සඳහා STAREMIT සමග හවුල්කාරීත්වයකට එළඹී තිබේ.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙරටට මුදල් එවීමට වැඩි වැඩියෙන් යොමුවෙමින් සිටින පසුබිමක් තුළ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, එම ශ්‍රී ලාංකිකයන්ටත් රටටත් බෙහෙවින් වැදගත් වනු ඇත. මින් ඉදිරියට සෙලාන් බැංකුව පිරිනමන මෙම සේවාව ඔස්සේ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහනදායී ගාස්තු යටතේ සුරක්ෂිත ලෙස මෙරටට මුදල් එවීමට අවස්ථාව හිමිවේ.

මෙම නව හවුල්කාරීත්වය යටතේ 2021 නොවැම්බර් 30 දින දක්වා කිසිදු පාර්ශ්වයකට කොමිස් මුදල් ගෙවීමකින් තොරව, ස්මාර්ට් උපාංගයක් භාවිතයෙන්, STAREMIT app හරහා සතියේ සෑම දිනකම පැය 24 පුරා ශ්‍රී ලංකාවට මුදල් එවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත. මේ ආකාරයට ශ්‍රී ලංකාවට යවන මුදල් සඳහා තරගකාරී විනිමය අනුපාත හිමිවන අතර, සෑම ඩොලරයකටම සාමාන්‍ය හුවමාරු වටිනාකමට වඩා රු. 2ක් වැඩියෙන් හිමි වේ. එමෙන්ම මුදල් හුවමාරුව ක්ෂණිකව සිදුවන අතර, ඕනෑම ශ්‍රී ලාංකික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට මෙම මුදල් බැර කිරීමට අවස්ථාව සලසාදී ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.seylan.lk වෙතින් හෝ, පැය 24 පුරා ක්‍රියාත්මක සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 772008888 වෙත WhatsApp කිරීම මගින් ලබාගත හැකි වේ.

තවත් පුවත්