2021 ඔක්තෝබර් 11 සඳුදා අද
ඉර උදාව – පෙ.ව 05.58
ඉර බැසීම – ප.ව 05.57
නැකත – දෙට නැකත දහවල් 12.55 දක්වාත්, ඉන් පසුව මුල නැකතත් උදාවෙයි
රාහු කාලය – පෙ.ව 07.28 සිට පෙ.ව 08.58
මරු සිටින දිශාව – වයඹ
සුබ දිශාව – උතුර
හදිසි අනතුරු සහිතයි. ලෙඩරෝග අසනීප-බෝවන රෝග ආදියට ඉඩ තිබේ. ප්‍රේම සබඳතා අවුල් ඇතිවන්නට ඉඩ තිබේ. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.
නව ප්‍රේම සබඳතා ඇතිවේ. මංගල යෝජනා උදාවෙයි. විවාහ වූ අයගේ ජීවිත සාර්ථකත්වයට පත්වේ. සිතේ සතුට ඇතිවන දේ සිදුවෙයි.
දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ ඇති වේ. උදරාබාධ වලට ඉඩකඩක් පවතී. තමන්ගේ ආහාරපාන පිලිබඳ සැලකිලිමත් විය යුතුය.
අධ්‍යාපන ජයග්‍රහණ සහිතය. අධ්‍යාපනය ලබන අයට තමන්ට අපහසු වූ, අතපසු වූ විෂය කරුණු සාර්ථක කර ගන්නට ලැබේ. සම්මුඛ පරීක්ෂණ, තරඟ විභාග ආදියට සුබය.
ස්ථාන සම්බන්ධ ගැටළු විසඳේ. රැකියා ස්ථාන පිලිබඳ ගැටලු තිබූ අයට ඒවා විසඳේ. ගේ දොර, පදිංචි ස්ථාන සම්බන්ධ තිබූ ගැටළු සමථයකට පත්වේ.
මානසික පීඩා සිත් රිදීම් කළකිරීම් සහිත දිනයකි. කාර්ය බහුල විය හැකිය. නමුත් කල්පනා කරන්නට යමක් නිර්මාණය වෙයි.
ධන ලාභ ලැබීම් සහගත තත්ත්වයක් ඇතිවෙයි. හදිසි වාසනා සහගත වෙයි. ණය තුරුස්වලින් නිදහස්වීමේ ඉඩක් පවති. එමෙන්ම තමන් දුන් මුදලක් ආපසු ලැබෙන්නටද ඉඩ ඇත.
සිතේ සතුට පසුගිය දින කිහිපයටම වඩා සුබදායක දිනයකි. තිබූ ගැටළු වලට විසඳුම් ලැබේ. අමනාප වූ අය මිත්‍ර වේ. සිතේ සැනසුම ඇතිවෙයි.
ඉවසීමෙන් කටයුතු කළ යුතුය. තමන්ගේ ආවේගය ඇවිස්සෙන සුළු සිදුවීම් සිදුවන්නට හැකියි. හදිසි අනතුරු ඇතිවීම්, පාඩු සහිත දෙයක් සිදුවන්නට ආදියට මෙන්ම සමීප අයෙකු අමනාප වන්නට ද ඉඩතිබේ. ඉතා ඉවසිලිවන්තව තම අදහන ආගමට අනූව කටයුතු කළ යුතු දිනකි.
හදිසි වාසනා ලැබීම් සහගත දිනයකි. මිල මුදල් ලාභ හෝ වෙනත් වටිනා යමක් ලැබීමේ ඉඩක් පවති. සතුටින් ගතකරන දිනයකි.
රැකියා ගැටළු විසඳේ. රැකි රක්ෂා සම්බන්ධව තිබූ අවුල් විසඳේ. සතුරු පීඩා කුමන්ත්‍රණ ඉවත් වෙයි. ප්‍රාධානින්ගේ සහයෝගය ලැබේ.
පෙර පින ඉස්මතු වෙයි. තමන් කරන – කියන වැඩ කටයුතු සාර්ථක වෙයි. වාසි
සහගත සැලසුම් ඇතිවෙයි.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424