A Brand of Non Media Shout (Private) Limited

දිස්ත්‍රික්ක 12 කට උදෑසන 9 සිට දැඩි අවදානම් සහිත තද වැසි

අද පෙරවරු 09 සිට දිස්ත්‍රික්ක 12 කට අධික වැසි සඳහා කාලගුණ අනාවැකි නිකුත් කර තිබේ. ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ

මිතුරන් සමග ‌බෙදාගන්න

අද පෙරවරු 09 සිට දිස්ත්‍රික්ක 12 කට අධික වැසි සඳහා කාලගුණ අනාවැකි නිකුත් කර තිබේ.

ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලය තුළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

තවත් පුවත්