A Brand of Non Media Shout (Private) Limited

අද පෝලිමේ ඉදලා තෙල් ගහලා වැඩක් නෑ – උදය ගම්මන්පිල මහතා පවසයි

ඉන්ධන මිල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සහනයක් ලබාදීමට නොහැකි නම් මිල වැඩි කිරීමකට යෑමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (11) උදෑසන

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉන්ධන මිල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සහනයක් ලබාදීමට නොහැකි නම් මිල වැඩි කිරීමකට යෑමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (11) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මේ දිනවල ඩොලර් 100කට ඇති බොරතෙල් බැරලයක මිල දෙසැම්බර් වන විට ඩොලර් 100ක් දක්වා ඉහළ යා හැකි බවය.

“පවතින ඉන්ධන මිල ගණන් යටතේ, ඔක්තෝබර් මාසයට පමණක් කෝටි 100ක් පාඩු ලැබීමට නියමිතයි. වැඩි මිසක් අඩු වෙන්නේ නෑ. තෙල් මිල වැඩි කිරීම ගැන ආණ්ඩුව ගත යුතු තීරණයක්. අපි මෙතරම් පාඩුවක් ලබනවා. තවදුරටත් අපිට මේ පාඩුව දරා ගන්න බෑ කියන කාරණය අපි අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරනවා. අමාත්‍ය මණ්ඩලයට වෙනත් සහනයක් ලබාදෙන්න හැකියාවක් තියෙනවා නම් කියාවි. නැත්නම් ඉතින් මිල වැඩි කිරීමකට යන්න සිද්ධවෙනවා. අද පෝලිමේ ඉදලා තෙල් ගහලා වැඩක් නෑ. අද හෙට නම් මිල වැඩිවෙන්නේ නෑ. ඒ සහතිකේ මම දෙනවා. ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වෙලා ගියා පාරත් සති තුනක සාකච්ඡාවකට පස්සේ තමයි‍, වැඩිකරන ප්‍රමාණය තීරණය කළේ. ඉදිරි දින කිහිපයේ තෙල් මිල වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ කියන එක නම් මට බය නැතුව කියන්න පුළුවන්.”

තවත් පුවත්