A Brand of Non Media Shout (Private) Limited

ෂාරුක් ඛාන්ගේ පුතුගේ ඇප ඉල්ලීම තෙවැනි වරටත් ප්‍රතික්ෂේප වේ

මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන්ගේ ඇප ඉල්ලීම යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ. ආර්යන් ඛාන් වෙනුවෙන්

මිතුරන් සමග ‌බෙදාගන්න

මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන්ගේ ඇප ඉල්ලීම යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.

ආර්යන් ඛාන් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ඉන්දීය අධිකරණයක් හමුවේ සලකාබැලු අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව 23 හැවිරිදි වියේ පසුවන ආර්යන් ඛාන් එරට අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වූ 3වන අවස්ථාව මෙය වේ.

මුම්බායි හි නෞකාවක පැවති සාදයකට සහභාගී වෙමින් සිටියදී ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් පසුගියදා ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගත්තේය

තවත් පුවත්