A Brand of Non Media Shout (Private) Limited

Windows 11 වල Memory Leak එකක් ඇති බව සහ ඇතැම් AMD Ryzen Processors මන්දගාමී කරන බව වාර්තා වෙයි

Windows 11 නිල වශයෙන් නිකුත් වී ඇති නමුත් මේ වන විට එහි ඇති විවිධ ගැටළු පිළිබඳව ලොව පුරා පරිශීලකයින් වාර්තා කිරීම ආරම්භ කර තිබෙනවා.

මිතුරන් සමග ‌බෙදාගන්න

Windows 11 නිල වශයෙන් නිකුත් වී ඇති නමුත් මේ වන විට එහි ඇති විවිධ ගැටළු පිළිබඳව ලොව පුරා පරිශීලකයින් වාර්තා කිරීම ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන්ම ඔබට AMD Ryzen processor එකක් සහිත device එකක් තිබේ නම්, ඔබ Windows 11 වලට upgrade කිරීම මඳක් ප්‍රමාද කිරීම නුවණට හුරු වන අතර, AMD සමාගම කියා සිටින්නේ Windows 11 වල ඇති ගැටළුවක් නිසාවෙන්  එහි Chips වලට නව මෙහෙයුම් පද්ධතිය සමඟ performance 15% දක්වා අඩු විය හැකි බවයි.

AMD සමාගම සහ Microsoft සමාගම එකතු වී Windows 11 සමඟ AMD Processor වල ඇති වන ගැටළු දෙකක් සොයා ගෙන තිබේ. පළමු දෝෂය වන්නේ Windows 11 මඟින් L3 Cache latency එක තුන් ගුණයකින් වැඩි කිරීමට හේතු විය හැකි බවයි.

AMD සමාගම පවසන්නේ මෙම ගැටළුව බොහෝ විට සාමාන්‍ය මෘදුකාංග සඳහා 3% – 5%ත් අතර performance drop එකක් ද, eSports සඳහා භාවිතා වෙන games වලදී 10% – 15% අතර ප්‍රමාණයක performance drop එකක් ද බළාපොරොත්තු විය හැකි බවයි.

කෙසේ නමුත් මෙම මස අවසානය වන විට මෙම ගැටළුව සඳහා විසඳුමක් ලබාදීමට Microsoft සමාගම මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙන අතර, ඔබත් AMD Ryzen CPU එකක් භාවිතා කරන්නෙ නම්, ඒ දක්වා Windows 10 වල රැඳී සිටිම නුවණට හුරු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

 

තවත් පුවත්